මුල් ප්රභවය
ඔබගේ පියයුරු පිළිකා තත්ත්වය චර්යානුගත පියයුරු පරීක්ෂාවෙන් පසුව හෝ එම රෝග ලක්ෂණ ඇතිවී ඔබ වෛද්‍යවරයා හමුවූ පසුව හදුනාගත හැකි වනු ඇත
ඔබගේ පියයුරෙහි අසාමාන්‍ය ගැටිත්තක්, බාහිර පෙනුමෙහි වෙනස්වීමක්, ඔබට දැනෙන ආකාරයේ වෙනස්වීමක් හෝ පියයුරෙහි හැඩයෙහි වෙනසක් වැනි, පියයුරු පිළිකාවේ කිසියම් හෝ රෝග ලක්ෂණයක් ඔබට දක්නට ලැබුනහොත් වහාම ඔබගේ වෛද්‍යවරයා හමුවන්න. ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබව පරීක්ෂා කරනු ඇත. ඔබගේ රෝග ලක්ෂණ තවදුරටත් පරීක්ෂා කිරීමට අවශ්‍ය යැයි ඔහු සිතුවහොත්, ඔබව විශේෂඥ පියයුරු පිළිකා සායනයකට යොමු කරනු ඇත.
ඔබගේ රෝග ලක්ෂණ නිසා හෝ මැමෝග්රෑම් පරීක්ෂණය මගින් හෙලිවූ අසාමාන්‍ය ස්වභාවයක් නිසා හෝ ඔබට පියයුරු පිළිකා තත්ත්වයක් ඇතැයි සැක පහල වී ඇත්නම්, ඔබව වැඩිදුර පරීක්ෂා සදහා විශේෂඥ පියයුරු පිළිකා සායනයකට යොමු කරනු ඇත. මැමෝග්රෑම් පරීක්ෂණය සහ පියයුරු වල අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණය- ඔබට රෝග ලක්ෂණ ඇතිවී ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබව විශේෂඥ පියයුරු පිළිකා ඒකකයකට යොමු කරනු ලැබුවේ නම්, ඔබට මැමෝග්රෑම් පරීක්ෂණයක් සිදු කරනු ඇත. එනම් ඔබගේ පියයුරු වල x-කිරණ චායාරූපයක් ගනු ලබයි. එසේම ඔබට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක්ද සිදු කරනු ඇත. ඔබට වයස අවුරුදු 35 කට අඩු නම් පමණක් ඔබට පියයුරෙහි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය සිදු කිරීමට ඔබගේ වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත. මෙයට හේතුව නම්, තරුණ කාන්තාවන්ගේ පියයුරු වඩාත් ඝණකම් බැවින්, පිළිකා තත්ත්වය හදුනා ගැනීමට, මැමෝග්රෑම් පරීක්ෂණය අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණය තරම් ඵලදායි නොවන නිසාය. අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයේදී අති ධ්වනි ශබ්ද තරංග යොදා ගෙන, ඔබගේ පියයුරු ඇතුලත ස්වරූපයේ පින්තූරයක් නිර්මාණය කර ගැටිති හෝ අසාමාන්‍යතා ඇත්නම් පෙන්නුම් කරයි. ඔබගේ පියයුරෙහි ඇති ගැටිත්ත ඝනමය ද හෝ තරලමය ද යන්න දැන ගැනීමට අවශ්‍ය නම්, ඔබගේ විශේෂඥ වෛද්‍යවරයා විසින් පියයුරෙහි අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයක් ද යෝජනා කරනු ඇත. පටක පරීක්ෂණය-පටක පරීක්ෂණයේදී ඔබගේ පියයුරු වලින් පටක සෛල සාම්පලයක් ලබාගෙන, ඒවායේ පිළිකාමය ස්වභාවයක් ඇත්දැයි පරීක්ෂා කරනු ලබයි. එසේම ඔබගේ කිහිලි ප්‍රදේශයේ ඇති වසා ගැටිතිවලටද බලපෑම් ඇති වී ඇත්දැයි බැලීමට ඒවයේ ස්කෑන් පරීක්ෂණයක් සහ නීඩ්ල් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය වනු ඇත. පටක සෛල සාම්පල ලබා ගැනීම විවිධ ආකාරයට සිදු කළ හැකි ය. එය ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබගේ තත්ත්වය පිළිබඳව අවබෝධ කරගෙන ඇති ආකාරය මත රඳා පවතී. පටක සෛල සාම්පල ලබා ගැනීමේ විවිධ ක්‍රියා පටිපාටි පහත සාකච්ඡා කර ඇත. පිළිකා තත්වය පරීක්ෂා කිරීමට ඔබගේ පියයුරෙහි සෛල සාම්පලයක් ලබා ගැනීමට හෝ කුඩා තරල පිරුණු ගැටිත්තක් ඉවත් කිරීමට නීඩ්ල් ඇස්පිරේශන් (Needle aspiration) ක්‍රමය භාවිතා කළ හැකිය. ඔබගේ වෛද්‍යවරයා විසින් ඉඳිකටුවක් යොදාගෙන ඔබගේ පියයුරෙහි සෛල සාම්පලයක් ලබා ගනු ඇත. මෙහිදී පටක ඉවත් කිරීමක් සිදු නොවේ. ඉඳිකටුවක් මගින් පටක සාම්පල ලබා ගැනීම, පටක සාම්පල ලබා ගැනීමේ වඩාත් සුලභම ආකාරය වේ. තරමක් මහත ඉඳිකටුවක් යොදාගෙන ඔබගේ පියයුරෙහි ඇති ගැටිත්තෙන් පටක සාම්පලයක් ලබා ගනු ඇත. ඔබට ස්ථානීය නිර්වින්දනය ලබා දෙනු ඇත. එනම් එම ක්‍රියාපටිපාටිය අතර දී ඔබ පියවි සිහියෙන් පසුවෙයි. නමුත් ඔබගේ පියයුර හිරි වැටී ඇත. ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබට ආධාරක ඉදිකටු පටක පරීක්ෂණයක් යෝජනා කරනු ඇත.(Guided needle biopsy) මෙහිදී පරීක්ෂණයට ආධාරක ලෙස අල්ට්‍රාසවුන්ඩ් හෝ එක්ස් කිරණ පරීක්ෂණ භාවිතා කරයි. නමුත් ඇතැම් අවස්ථා වලදී පිළිකා තත්වය ඉතා නිවැරදි සහ විශ්වාසදායක ලෙස රෝග විනිශ්චය කර ගැනීමට MRI ස්කෑන් පරීක්ෂණයක් යෝජනා කරනු ඇත. මෙ මගින් පිළිකා තත්ත්වය, DCIS වැනි ආක්‍රමණශීලී නොවන වෙනස්වීමකින් වෙන්කර හඳුනාගත හැකිය. මැමෝටෝම් පටක පරීක්ෂණය (Mammotome biopsy) ලෙස ද හඳුන්වන, රික්තක සහයක පටක පරීක්ෂණය (Vacuum-assisted biopsy), පටක සාම්පල ලබා ගන්නා තවත් ආකාරයක් වේ. මෙම ක්‍රියා පටිපාටියේ දී සියුම් උරාගන්නා නළයකට ඉඳිකටුවක් සම්බන්ධ කොට, සාම්පලය ලබා ගැනීම සහ එම ප්‍රදේශයේ යම් රුධිර වහනයක් සිදුවී ඇත්නම් එය ඉවත් කිරීම සිදු කරයි.
පියයුරු පිලිකා තත්ත්වයේ රෝග විනිශ්චය තහවුරු වූයේ නම්, පිලිකා තත්වයේ අවධිය සහ ශ්‍රේණිය නිගමනය කිරීමට සහ හොඳම ප්‍රතිකාර ක්‍රමය තීරණය කිරීමට, තව දුරටත් පරීක්ෂණ අවශ්‍ය වනු ඇත. ස්කෑන් පරීක්ෂණ සහ එක්ස් කිරණ පරීක්ෂණ-පිළිකා තත්ත්වය පැතිරී ඇත්දැයි පරික්ෂා කිරීමට CT ස්කෑන් පරීක්ෂණ හෝ පපුව ප්‍රදේශයේ කිරණ පරීක්ෂණ සහ අක්මාවේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ අවශ්‍ය වනු ඇත. ඉහත ප්‍රතිඵල පැහැදිලි කරගැනීමට හෝ පියයුර තුළ තත්ත්වය තක්සේරු කිරීමට, පියයුරෙහි MRI ස්කෑන් පරීක්ෂාවක් අවශ්‍ය වනු ඇත. ඔබගේ පිළිකා තත්ත්වය අස්ථි දක්වා පැතිරී තිබීමට ඉඩක් ඇතැ යි ඔබගේ වෛද්‍යවරයා සිතනවානම්, ඔබගේ අස්ථිවල ස්කෑන් පරීක්ෂණයක් ද අවශ්‍ය වනු ඇත. අස්ථි වල ස්කෑන් පරීක්ෂණය කිරීමට පෙර, අයිසොටෝප් (isotope) යන නමින් හදුන්වන කුඩා ප්‍රමාණයේ විකිරණශීලීතාවයක් අඩංගු සංයෝගයක් ඔබගේ ඔබගේ බාහුවක ශිරාවකට එන්නත් කරනු ඇත. ඔබගේ අස්ථි පිළිකාවෙන් බලපෑමට ලක්වී ඇත්නම් මෙම සංයෝගය ඔබගේ අස්ථි තුලට උරා ගනු ඇත. අස්ථි වල බලපෑමට පත් වූ ප්‍රදේශ අස්ථි ස්කෑන් පරීක්ෂණයේදී පරිලෝකනය ට ලක් වී පෙනෙනු ඇත. මෙය විශේෂ කැමරාවක් භාවිතයෙන් සිදුකරනු ලබයි. විශේෂිත ආකාර වල ප්‍රතිකාර විධි තීරණය කරගැනීම සඳහා පරික්ෂා - පිළිකා තත්ත්වය විශේෂිත ආකාරවල ප්‍රතිකාර විධි වලට ප්‍රතිචාර දක්වයි දැයි බැලීමට සිදු කරන පරීක්ෂණ ද ඔබට අවශ්‍ය වනු ඇත. එම පරීක්ෂණවල ප්‍රතිඵල මගින්, ඔබට ඇති පිළිකාවේ වර්ගය සහ එයට ප්‍රතිකාර කළ හැකි හොඳම ආකාරය කුමක්ද යන්න පිලිබඳව වඩාත් හොඳ අදහසක් ඔබගේ වෛද්‍යවරයාට ලබා ගත හැකිය. ඔබට ලබාදිය හැකි පරික්ෂණ වර්ග පිළිබඳව පහතින් සාකච්චා කර ඇත. සමහර අවස්ථා වලදී, ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් වැනි ශරීරයේ සාමාන්‍යයෙන් පවතින හෝමෝන මගින් පියයුරු පිළිකා සෛල වර්ධනය වීමට උත්තේජනය විය හැකිය. එවැනි තත්ත්වවලදී, එම හෝමෝනවල බලපෑම නතර කිරීම හෝ ශරීරය තුළ එම හෝමෝන වල ම්ට්ටම අවම කිරීම මගින් පිළිකා තත්ත්වයට ප්‍රතිකාර කළ හැකි ය. මෙය හෝමෝන චිකිත්සාව යනුවෙන් හඳුන්වයි. හෝමෝන ප්‍රතිග්‍රාහක පරීක්ෂණයක් අතරතුරදී, ඔබගේ පියයුරෙන් පිළිකා සෛල සාම්පලයක් ලබාගෙන එම සෛල ප්‍රතිචාර දක්වන්නේ ඊස්ට්රජන්වලටද ප්රොජෙස්ට්රෝන් වලටද යන්න පරීක්ෂා කරනු ලබයි. හෝමෝන ප්රතිග්රාහකයක් යොදා ගෙන, පිළිකා සෛල වලට බැඳීමට එම හෝමෝනයට හැකියාවක් ඇත්නම්, එම සෛල සාම්පලය හෝමෝන ප්‍රතිග්‍රාහකයට ධනාත්මක වේ යැයි කියනු ලබයි. සමහර ආකාරවල පියයුරු පිළිකා වර්ධනය හෝමෝන මගින් උත්තේජනය වන අතර දී, අනෙකුත් ආකාර හියුමන් එපීඩර්මල් ග්රෝත් ෆැක්ටර් රිසෙප්ටර් 2 (human epidermal growth factor receptor 2 (HER2)) යන නමින් හඳුන්වන ප්‍රෝටීනයක් මගින් උත්තේජනය වේ. මෙවැනි ආකාර වල පිලිකා තත්ව, HER2 පරීක්ෂණයක් මගින් රෝග විනිශ්චය කළ හැකි අතර, ඒවාට HER2 වල බලපෑම අවහිර කරන ඖෂධ මගින් ප්‍රතිකාර කරනු ලබයි. මෙය ජෛවීය (Biological) හෝ ඉලක්ක කර ගත් (Targeted) චිකිත්සාව ලෙස හඳුන්වයි.
පියයුරු පිළිකාවේ අවධිය (Stage)-ඔබගේ පියයුරු පිළිකාව රෝග විනිශ්චය කළ පසු වෛද්‍යවරුන් විසින් එයට අවධියක් (Stage) ලබාදෙනු ඇත. අවධිය මගින් පිළිකාවේ ප්‍රමාණය සහ එය කොතරම් දුරට ව්‍යාප්ත වී ඇත්ද යන්න පිළිබඳව විස්තර කරනු ලබයි. එසේම එය බාහිරට පෙනෙන ආකාරය පුරෝකථනය කිරීමට උපකාර වේ. ඩක්ටල් කාර්සිනෝර්මා ඉන් සයිටු (Ductal carcinoma in situ (DCIS)) තත්ත්වය ඇතැම් අවස්ථාවලදී 0 අවධිය ලෙස විස්තර කරයි. පියයුරු පිලිකාවේ අනෙකුත් අවධි මගින් ආක්රමණික වන පියයුරු පිළිකාව විස්තර කරයි:
මෙය සරල කළ මිම්මක් වේ. එක් එක් අවධිය තවදුරටත් කාණ්ඩවලට බෙදා දක්වා ඇත: A, B සහ C ඔබගේ අවධිය පිළිබඳව ඔබට අදහසක් නැතිනම් ඔබගේ වෛද්‍යවරයාගෙන් විමසන්න. TNM අවධි පද්ධතිය-රෝග විනිශ්චය පිළිබඳව වඩාත් නිවැරදි තොරතුරු ලබා දිය හැකි නිසා, TNM අවධි පද්ධතියද පියයුරු පිලිකා විස්තර කිරීමට යොදා ගනී:
පියයුරු පිළිකාවේ ශ්‍රේණිය-ශ්‍රේණිය මඟින් පිළිකා සෛලවල බාහිර පෙනුම විස්තර කරයි.